මාලිංගගේ IPL වාර්තාව බ්‍රාවෝ සම කරයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ සම පළමු ස්ථානය හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බිද හෙලූ කඩුලු 3ත් සමගයි.

ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ඔහු මෙම කඩුලු 3 දවා ගත්තා.

ඒ අනුව බ්‍රාවෝ මේ වන විට ඉනිම් 149කදී බිද හෙලා ඇති කඩුලු ගණන 170ක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද කඩුලු 170ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ සම පළමු ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

මාලිංග කඩුලු 170 දවා ගැනීම සදහා ක්‍රීඩා කර ඇති ඉනිම් සංඛ්‍යාව 122ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...