නවසීලන්ත කණ්ඩායම ස්කොට්ලන්ත තරග සංචාරයක

Date:

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූලි මාසයේ දී ස්කොට්ලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ 20යි 20 තරග දෙකක් හා එක්දින තරගයක් සදහා නවසීලන්ත කණ්ඩායම එලෙස අදාළ තරග සංචාරයේ නිරත වන බවයි.

සියලු තරග ජූලි 27, 29 හා 31 යන දිනවලදී එඩින්බරෝ හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකා හා තරග වැදුණේ නිමා වූ 20යි 20 ලෝක කුසලානයේ දී යි.

එම තරගයෙන් කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායමට ජය හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...