රූට් – ස්ටොක්ස්ගේ ශතක හමුවේ දෙවැනි ටෙස්ට් තරගයේ වැඩි වාසි එංගලන්තයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(18) අලුයම නිමා වුණේ කොදෙව්වන් පළමු ඉනිමේ දී ලකුණු 436ක් පිටුපසින් පසුවෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබා සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 28ක් හා ශමාර් බෘක්ස් නොදැවී ලකුණු 31ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ජෝන් කැම්ප්බෙල් ලකුණු 4කට දැවී ගියේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මැතිව් ෆිෂර්ගේ පන්දුවක් හමුවේයි.

බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා සිටියා.

ජෝ රූට්ගේ හා බෙන් ස්ටොක්ස්ගේ ශතකවලින් ශක්තිමත් වූ ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 507ක් ලබා සිටියදීයි.

නායක රූට් ලකුණු 153ක් රැස් කළේ පන්දු 316කින්. ඒ, හතරේ පහර 14ක් සමගින්.

ස්ටොක්ස් පන්දු 128ක් පමණක් වැය කරමින් ලකුණු 120ක් ලබා ගත්තා. හයේ පහර 6කින් හා හතරේ පහර 11කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. ඩෑන් ලෝරන්ස් ලකුණු 91ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වීරසැමී පාර්මුවෙල් ලකුණු 126කට කඩුලු 3ක් බිද හෙලූ අතර, කෙමා රෝච් ලකුණු 68කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...