ජනපති හා ACC සභාපති අතර හමුවක්; ACC මහා සභා රැස්වීමත් හෙට

Date:

දිවයිනට පැමිණ සිටින ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂාහ් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(18) කොළඹ දී සිදු වුණා.

එම අවස්ථාව සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, ඊට සහභාගී වීම සදහායි එම කවුන්සලයේ සභාපතිවරයා දිවයිනට පැමිණ සිටින්නේ.

මහා සභා රැස්වීම හෙට(19) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

2022 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරගාවලිය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දී අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...