වුඩ් IPL තරගාවලියෙන් ඉවතට ; දුෂ්මන්ත ගැන සුබ ආරංචියක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර දී ඔහුගේ දකුණු වැලමිටෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

කොදෙව්වන් සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සදහා ඔහු වෙනුවට මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර නැහැ.

ඔහු මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණා.

මාර්ක් වුඩ් තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සදහා මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා.

මේ අනුව බොහෝ විට මේ වන විටත් එම කණ්ඩායමේ රැදී සිටින ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීරට ලක්නව් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමේ ප්‍රධාන වගකීමක් පැවරීමට ඉඩ තිබෙනවා.

චමීර මේ වන විට අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමග නිමා වූ ටෙස්ට් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.

දුෂ්මන්ත චමීරගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් 20යි 20 ලෝක කුසලානය දක්වා ඔහුව ටෙස්ට් තරග සදහා යොදා නොගැනීමට ද වෛද්‍ය උපදෙස් ලැබී තිබුණා.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ද ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මාර්ක් වුඩ් මිලදී ගැනීම සදහා ලක්නව් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 7.5ක මුදලක් වැය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...