සෙන්චූරියන් හී දී බංග්ලාදේශය ඉතිහාසය වෙනස් කරයි

Date:

එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ දකුණු අප්‍රිකාවේ දී ලැබූ සිය පළමු එක්දින ක්‍රිකට් තරග ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 38ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 314ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ශකිබ් අල් හසාන් පන්දු 64කින් ලකුණු 77ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

ලිටොන් දාස් හා යසිර් අලී ලකුණු 50 බැගින් ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 48.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 276ක් පමණයි.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 86(98)ක් හා ඩේවිඩ් මිලර් පන්දු 57කින් වේගවත් ලකුණු 79ක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

මිලර්ගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 8කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් ලකුණු 36කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ශකිබ් අල් හසාන්ට සිය පන්දුවාර 10 තුළ ලකුණු 54ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ නමුත්, පිත්තෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...