බ්‍රැත්වෙයිට්ගේ හා බ්ලැක්වුඩ්ගේ ශතක කොදෙව්වන් ස්ථාවර කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(19) අලුයම නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 4ක් දැවී ලකුණු 288ක් ලබා සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 109ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 102ක් ලබා ගනිමින් කොදෙව් ඉනිම ස්ථාවර කළා.

ශමාර් බෘක්ස් ලකුණු 39කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මැතිව් ෆිෂර්, ජැක් ලීච්, බෙන් ස්ටොක්ස් හා ඩෑන් ලෝරන්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 507ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමයි තීරණය කළේ.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 219ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...