රටට අගේ නැති මාලින්ද යළිත් ඉතිහාසගත වෙයි

Date:

පළමු පෙළ තරග පිටියේ දී කඩුලු 800 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සමත්වුණා.

ඒ, ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(17) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ දඹුල්ල හා මහනුවර අතර තරගයේ දී යි.

දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර මහනුර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲෂ්පුල්ලේගේ කඩුල්ල දවා ගනිමින් මෙම සුවිශේෂී කඩඉම පසුකිරීමට සමත් වුණා.

වසර 82 ක් පැරැණි මෙරට දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ කඩුලු 800 සීමාව ඉක්මවා ගිය හයවැනි පන්දු යවන්නා වන්නේ මාලින්ද පුෂ්පකුමාරයි.

ඔහුට පෙර ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929), සජීව වීරකෝන් (802) සහ දිල්රුවන් පෙරේරා (808) යන ක්‍රීඩකයින් පමණක් කඩුලු 800 සීමාව ඉක්මවා ගොස් තිබුණා.

පළමු පෙල පිටියේ දී ඉහළ දක්ෂතා දැක්වුවද 34 හැවිරිදි මාලින්ද පුෂ්පකුමාර මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 2 කට පමණයි.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ඔහුගේ හොඳම පන්දු යැවීම වශයෙන් ලකුණු 92 කට කඩුලු 5 ක් දවා ගැනීම සටහන්ව තිබෙනවා.

පළමු පෙළ තරග දිවියේදී ලකුණු 37 ට දවා ගත් කඩුලු 10 මාලින්ද පුෂ්පකුමාරගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසයි සටහන්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...