CPL තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලියක්

Date:

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග්(CPL) තරගාවලියට සමගාමීව කාන්තා 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට තීරණය කර ඇති බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

එම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් 3ක් එක්වීමට නියමිතයි.

Barbados Royals, Guyana Amazon Warriors හා Trinbago Knight Riders යන කණ්ඩායම් තරගාවලියට තරග කිරීමට නියමිතව තිබෙනවා.

සී.පී.එල් පිරිමි තරගාවලිය අගෝස්තු 30 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර පැවැත්වීමට නියමිත අතර, එම කාලයේ දී ම කාන්තා තරගාවලිය ද පැවැත්වෙනු ඇති.

මෙවර සී.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග කැරිබියන් රාජ්‍යයන් තුනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අවසන් මහා තරග වෙනත් කැරිබියානු රාජ්‍යයකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...