බබාර්ගේ ශතකය හා ශෆික්ගේ අර්ධ ශතකය පාකිස්තානයට සැනසුම් සුසුමක් ගෙන එයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(15) කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ නායක බබාර් ආසාම්ගේ හා අබ්දුල්ලා ශෆික්ගේ සටන්කාමී ඉනිම් හමුවේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම පිළිබද යම් බලාපොරොත්තුවක් පාකිස්තානයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 506ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හමා යමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 192ක් ලබා සිටියා.

මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමටනම් පාකිස්තානයට පන්දුවාර 172ක් පුරා කඩුලු ආරක්ෂා කර ගැනීමේ අභියෝගයක් එල්ල වූ නමුත්, ඔවුන්ගේ දෙවැනි ඉනිමට සාර්ථක ආරම්භයක් ලැබුණේ නැහැ.

ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අසාර් අලී ලකුණු 6කටත්, දැවී ගියා. අනතුරුව බබාර් හා ශෆික් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 171ක්.

සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ බබාර් අසාම් නොදැවී ලකුණු 102ක් රැස් කළේ පන්දු 197කින්. අබ්දුල්ලා ශෆික් නොදැවී ලකුණු 71(226)යි. ශෆික් ලකුණු 20ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත්ට රැක ගැනීමට නොහැකි වීම කැපී පෙනුණා.(ස්මිත්ට මෙම තරගයේ දී ගිලිහී ගිය උඩ පන්දු පහතින් නරඹන්න)

පන්දු යැවිමේ දී නේදන් ලයන් හා කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 556 ක් ලබා සිටියදී ඉනිම අත්හිට වූ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත්තේ ලකුණු 148ක් පමණයි.

අද දිනය තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 2ක් දැවී ලකුණු 97ක් ලබා සිටියදීයි.

උස්මාන් කවාජා ලකුණු 44ක් නොදැවී රැස් කළ අතර, මර්නස් ලබුෂේන් ලකුණු 44කට දැවී ගියා.

ඒ අනුව හෙට දිනයේ දී පාකිස්තානය තරගය ජය ගැනීමටනම් තවත් ලකුණු 314ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...