දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ටෙස්ට් තරගාවලිය වෙනුවට IPL යන්න තීරණය කරයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබල සංචිතයක් නම් නොකිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට සිදු වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අදාළ ටෙස්ට් තරගාවලිය වෙනුවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බැවින්.

සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ කාලයේ දී ජාත්‍යන්තර තරග සංවිධාන කිරීමට කටයුතු නොකර, සිය ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වීමට අවසර ලබා දුන්නා.

ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග ඇති කර ගත් එකගතාවයකට අනුවයි.

කෙසේ වෙතත්, මෙවර තත්ත්වය තරමක් වෙනස් වූයේ අයි.පී.එල් තරගාවලියේ කාලය දීර්ඝ වීමත්, දකුණු අප්‍රිකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියක් සංවිධාන වීමත් සමගයි.

බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. එක්දින තරගාවලිය මාර්තු 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ මාර්තු 31 වනදායි.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කාගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් යන දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුම බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකරනු ඇති.

අන්රිච් නොකියා ද මේ වන විට ආබාධයකට ලක්ව සිටිනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...