“ඇත්තටම කීවොත් මම ගොඩක් වෙලාවට අසරණයි” : දිමුත්

Date:

ආබාධ හා ක්‍රීඩකයින් විවේක ගැන්වීමේ ක්‍රියාවලිය නිසා ටෙස්ට් තරගයකදී කඩුලු 20 දවා ගැනීම සදහා පන්දු යවන්නන් තෝරා ගැනීමේ දී නායකයෙකු ලෙස තමා බොහෝ සෙයින් අසරණ වී ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඉන්දියාව සමග නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වූ අතර, දුෂ්මන්ත චමීර ද ටෙස්ට් තරගවලින් විවේක ගැන්වීමටයි මේ වන විට වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ද ආබාධයකට ලක් වුණා.

සුරංග ලක්මාල් ද හෙට දිනයේ දී ක්‍රීඩා කරන්නේ සිය අවසන් ටෙස්ට් තරගයයි.

මෑත කාලයේ දී ක්‍රීඩකයින්ගේ ආබාධ ගැටලු හේතුවෙන් තමා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි දිමුත් කරුණාරත්න අද(11) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

“රමේෂ් මෙන්ඩිස් නැතිව අපිට දැන් පිට දග පන්දු යවන්නෙක් නෑ. ඉන්න වේග පන්දු යවන්නන්ගෙන් එක්කෙනෙක් (ලහිරු කුමාර) ආබාධයකට ලක් වුණා. දැන් දුෂ්මන්ත චමීරවත් තෝරා ගන්න බැහැ. ඉතිං ඇත්තටම කීවොත් මම ගොඩක් වෙලාවට අසරණයි. මොකද මට පන්දු යවන්නන් සෑහෙන්න අඩුයි.” යනුවෙන් දිමුත් කරුණාරත්න සදහන් කළා.

“ටෙස්ට් තරගයක අපි කඩුලු 20ක් ගන්න ඕනෙ ජයග්‍රහනය කරන්න. කඩුලු 10ක් නෙවෙයි. එක්දින හා 20යි 20 වගේ පන්දුවාර 50ක් 20ක් දැම්මට පස්සේ තරගය නවතින්නේ නැහැ. අනිවාර්යයෙන් කඩුලු 20ක් ගන්න ඕනෙ තරගයක් ජයග්‍රහනය කරන්න.”

“ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක තරගයක් ජය ගන්නනම් කඩුලු 20ක් ගන්න පුලුවන් පන්දු යවන්නන් ඉන්න ඕනෙ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නෙ, අපි ලකුණු කොච්චර ලබා ගත්තත් අපිට කඩුලු 20ක් ගන්න පන්දු යවන්නන් ඉන්නවද කියන එක. දැන් සුරංගත් ගියාට පස්සේ මම සෑහෙන්න තවත් අසීරුතාවයට පත් වෙනවා අපිට ඉදිරියේ දී තියෙන ටෙස්ට් තරගාවලි තුනේ දී.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...