දුෂ්මන්ත ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවතට ; හෙට තරගයටත් වෙනස්කම් රැසක්

Date:

ඉන්දියාව සමග හෙට(12) බැංගලූරුහී දී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ද වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(11) තහවුරු කළා.

ඔහු යම් ආබාධ තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට විවේකයක් ලබා දීම සුදුසු බවට වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇති බවත්, දිමුත් කියා සිටියා.

හෙට තරගය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ පවතින තත්ත්වය මත ලෝක කුසලානය වන තුරු දුෂ්මන්ත චමීර සීමිත පන්දුවාර තරග සදහා පමණක් යොදා ගැනීමට සිදු වන බවයි.

ලහිරු කුමාර හා පැතුම් නිස්සංක ද ආබාධවලට ලක්ව ඇති බැවින් ඔවුන් දෙදෙනාට ද හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් දෙවනි ටෙස්ට් තරගය සදහා සිදු වනු ඇති.

අවසන් 11 දෙනාගේ කණ්ඩායම මෙතෙක් තීරණය කර නොමැති බවත්, අද දිනයේ දී ද තණතීරුව හා රාත්‍රී කාලයේ පින්න සහිත කාළගුණ තත්ත්වය පිළිබද අධ්‍යනය කර ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම පිළිබද තීරණයක් ගන්නා බවත් දිමුත් සදහන් කළා.

කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ.

ඒ අනුව චරිත් අසලංක හෙට තරගයේ දී අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරන්නේනම් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ආදේශ වනු ඇති බවත්, කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරන්නේනම් පැතුම් වෙනුවට ඔහුව කණ්ඩායමට ආදේශ වනු ඇති බවත් දිමුත් පවසා සිටියා.

පළමු ටෙස්ට් තරගයට එක් නිත්‍ය දග පන්දු යවන්නෙකු ක්‍රීඩා කළ ද, හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට නිත්‍ය දග පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අවධාරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...