ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ ඉල්ලුම ඉහළ යයි ; ප්‍රාන්ත රජයෙන් විශේෂ අවසරයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සදහා බැංගලූරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 100%ක්ම ඇතුළු කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% ක පිරිසකට පමණක් තරගය නැරඹීම සදහා අවස්ථාව ලබා දීමටයි තීරණය කර තිබුණේ.

කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයට ප්‍රාන්ත රජයෙන් ලද අවසරයකට අනුව ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 100%ක ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීමට මෙලෙස අවසර ලබා දී තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ඉහළ ඉල්ලුමක් ලද බැවින් කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය විසින් මේ සදහා ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබූ බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට(12) දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

බැංගලූරුහී දී 2018 වසරේ ජූනි මාසයෙන් පසුව ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, 2020 වසරේ ජනවාරි මාසයෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...