ශේන් වෝර්න්ගේ රාජ්‍ය අනුස්මරණ උත්සවය ලබන 30 වනදා මෙල්බර්න් හී දී

Date:

අභාවප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දග පන්දු යවන ක්‍රීඩක ශේන් වෝර්න් වෙනුවෙන් වන රාජ්‍ය අනුස්මරණ උත්සවය ලබන 30 වනදා ආසන ලක්ෂයකින් යුත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

52 හැවිරිදි වියේ පසු වූ ශේන් වෝර්න් පසුගිය සිකුරාදා තායිලන්තයේ දී මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන්.

ඔහුගේ අභාවය අනාවරණය වීමත් සමග ප්‍රේක්ෂකයින් සිය දහස් ගණනින් ශේන් වෝර්න්ට ගෞරවය පුද කිරීමට මෙල්බර්න් නුවරට පැමිණෙනු දක්නට ලැබුණා.

රාජ්‍ය අනුස්මරණ උත්සවය සදහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වන අතර, එම අවස්ථාවට එක් වීමට නොහැකි වන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අනුස්මරණ උත්සවය සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වන ශේන් වෝර්න් බිද හෙලා තිබූ කඩුලු ගණන 708ක්.

මෙල්බර්න්හි උපත ලැබූ ශේන් වෝර්න් දේශීය තරග පිටියේ දී නියෝජනය කළේ ද වික්ටෝරියා කණ්ඩායමයි.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් “SK Warne Stand” ලෙස නම් කිරීමට කටයුතු කරන බව ද මීට පෙර නිවේදනය කෙරුණේ ශේන් වෝර්න්ට සිදු කරන ගෞරවයක් වශයෙන්.

1994 වසරේ දී එංගලන්තයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට වෝර්න් සමත් වුණේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී යි.

එමෙන්ම ඔහු සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ ද එම ක්‍රීඩාංගනයේ දී වීම විශේෂත්වයක්.

මේ අතර, පසුගියදා මිය ගිය ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොඩ් මාෂ් වෙනුවෙන් ද රාජ්‍ය අනුස්මරණ උත්සවයක් සංවිධාන කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...