කොදෙව්වන් ලකුණු 109ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(10) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 202ක්.

කෘමා බෝනර් ලකුණු 34 ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 43ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 55කටත්, ජෝන් කැම්ප්බෙල් ලකුණු 35කටත්, ෂමාර්හ් බෘක්ස් ලකුණු 18කටත්, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 11කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස්, ක්‍රෙයිග් ඕවර්ටන්, මාර්ක් වුඩ් හා බෙන් ස්ටොක්ස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 311ක්.

ඒ, ජොනී බෙයාර්ස්ටව් රැස් කළ ලකුණු 140න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 109ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...