Watch : සියල්ලන් මවිතයට පත් කළ වැරදීමකින් දැවී යාමක් ලෙස නම් කළ නොදැවීයාම

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් තරගය මේ දිනවල ඇන්ටිගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ දී තුන්වන විනිසුරුවරයා ලබා දුන් තීරණයක් ක්‍රීඩාංගණයේ පුළුල් තිරයෙන් වැරැදි අයුරින් නිවේදනය කිරීමේ සිද්ධියක් දක්නට ලැබුණු අතර, මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද එම සිදු වීම සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නිරත වෙමින් සිටින අතරවාරයේ ඉනිමේ 28 වන පන්දුවාරය තුළයි මෙම සිදු වීම දක්නට ලැබුණේ.

මාක් වූඩ් විසින් යොමු කළ පන්දුවකට කෘමා බෝනර් විසින් එල්ල කල පහරකින් අනතුරුව පන්දුව ඔලී පෝප් වෙත ඇදී ගියා. පසුව යළි පෙරලා පන්දුව කඩුල්ල වෙත විසි කිරීමට ඔහු කටයුතු කළ අතර, එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුණා.

එම අවස්ථාවේ දී එංගලන්ත කණ්ඩායම විනිසුරුගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ අවස්ථාව දුවද්දී දැවී යාමක්දැයි තීරණය කිරීම සදහා තුන්වන විනිසුරුවරයා වෙත යොමු කෙරුණා.

පුනරූපන අනුව එය දැවීයාමක් නොවන බවට නම් කිරීමට තෙවන විනිසුරුවරයාට අපහසු වූයේ නැහැ.

කෙසේ නමුත් තෙවන විනිසුරුගේ තීරණය ඉදිරිපත් කෙරෙන ක්‍රීඩාංගණයේ පුළුල් තිරයෙන් එය නිවේදනය කෙරුණේ දැවීයාමක් ලෙසයි.

එය රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සියලු ක්‍රීඩකයින්ගේ ද මහත් විමතියට කරුණක් වුණා.

කෙසේ වෙතත්, ඒ මොහොතේ දී ම එම අත්වැරදීම නිවැරදි කිරීමට කටයුතු කෙරුණා.

සියලු පාර්ශවයන් යම් සිනහවක් ද සහිතව තෙවන විනිසුරුගේ නිවැරැදි තීරණය භාරගැනීමට කටයුතු කරනු දක්නට ලැබුණා.

මීට පෙරත් මෙවැනි අත්වැරදීම් වූ අවස්ථා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී වාර්තා වූ බව නොරහසක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...