ඉන්දීය හිටපු වේග පන්දු යවන්නෙකු වන එස්. ශ්‍රීසාන්ත් එරට දේශීය ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඔහු අවසන් වරට දේශීය පළමු පෙල තරගයක් සදහා ක්‍රීඩා කළේ 2021-22 රංජි කුසලාන තරගාවලියේ දී කේරල කණ්ඩායම වෙනුවෙනුයි.
2011 ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ මෙන්ම 2007 ලෝක 20යි 20 ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස එස්. ශ්‍රීසාන්ත් කටයුතු කළා.
කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලියේ දී තරග පාවා දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුට 2013 වසරේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනු ලැබුවා.
අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව එය 2019 වසරේ දී වසර 7කට අඩු කිරීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.
ශ්‍රීසාන්ත් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 53ක් සහ 20යි 20 තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 87, 75 සහ 7ක්.
පළමු පෙල තරග 74කදී ඔහු කඩුලු 213ක් ද බිද හෙලා තිබුණා.

