ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තාවකාලිකව සමු දීමට ශකිබ් අල් හසාන්ට අවසර

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලික විරාමයක් ලබා ගැනීම සදහා එරට ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබෙනවා.

අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම විවේක කාලය ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම විවේකය ලබා දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශකිබ් අල් හසාන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බලා එරට ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා ද ශකිබ් ක්‍රීඩා කරන්නේ නැහැ.

“ඔහු මට කතා කරලා කිව්වා ක්‍රීඩා කිරීම සදහා ඔහු ශාරීරිකව හා මානසිකව සුදුසු තත්ත්වයක නැහැ කියලා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යුනුස් (Jalal Yunus) සදහන් කළා.

“දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා ඔහු කිව්වා. අපි තීරණය කළා ඔහුට අප්‍රේල් 30 වනදා දක්වා විවේකයක් ලබා දෙන්න”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...