කෝලිත් අභිබවා පැතුම් ඉදිරියට

Date:

අයි.සී.සී නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(2) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඒ, ඔහු ඉන්දියාවට එරෙහි දෙවැනි 20යි 20 තරගයේ දී ලකුණු 75ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

අයි.සී.සීය නිවේදනය කළේ ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති බවයි.

මේ අතර, ඉන්දීය හිටපු නායක විරාට් කෝලි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ලකුණු 204 ක් වාර්තා කළ ෂ්රෙයස් අයියර් 18 වැනි ස්ථානය දක්වා ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඉන්දීය නායක රෝහිට් ෂර්මා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත්ව තිබෙනවා.

ඒ, නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...