කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය නරඹන්න ප්‍රේක්ෂකයින්ටත් අවසර

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර හිමි වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මීට පෙර තීරණය කර තිබුණේ එම තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසක් ක්‍රීඩාංගනයට ඇතුළු කර ගැනීමට මේ වන විට පංජාබ් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා මොහාලි හී දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගය ඉන්දීය හිටපු නායක විරාට් කෝලි ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...