ජේසන් රෝයි IPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ලබන 26 වනදා ආරම්භ වන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි තීරණය කර තිබෙනවා.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ දිගින් දිගටම රැදී සිටීමේ දුෂ්කරතාවය පදනම් කර ගනිමින් ඔහු එලෙස තරගාවලියෙන් ඉවත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ජේසන් රෝයි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණා.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකටයි.

ජේසන් රෝයිගේ ඉවත් වීම හේතුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

31 හැවිරිදි රෝයි පසුගිය වසරේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි නියෝජනය කළේ.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ජේසන් රෝයි තරග 6 කදී ලකුණු 303 ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...