නසීම් ශාහ් ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන පාකිස්තාන සංචිතයට තවදුරටත් වෙනස්කම් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුව තිබෙනවා.

ඒ, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාම් ප්‍රධාන සංචිතයට කැදවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

මීට පෙර ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය සමග රැදී සිටියා.

කොවිඩ් 19 ආසාදනය වීම නිසා හැරිස් රවුෆ්ට දින 5ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වනවා.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති බැවින් සෙසු ක්‍රීඩකයින්ට හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට යළිත් වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ නමුත්, වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...