100 වැනි ටෙස්ට් තරගයේදී කෝලි දැවී ගිය හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය අද (04) පන්ජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදී ආරම්භ වුනා.

තීරණාත්මක කාසියේ වාසිය දිනාගැනීමට රෝහිට් ශර්මා සමත්වු අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි නායක රෝහිත් ශර්මා සහා මායන්ක් අගර්වාල් වේගවත් ආරම්භයක් ලබාගනිමින් ශ්‍රී ලංකා පන්දුයවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් 10 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වු ළහිරු කුමාර මුලු ලකුනු පුවරුව 52 ක් ව තිබියදී ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස රෝහිත් ශර්මාව ලකුනු 29(28) කට දවාගැනීමට සමත්වුනා.

ඒ “ ෆයින් ලෙග් ” කලාපයේ පන්දුරකිමින් සිටි සුරංග ලක්මාල් රැක ගත් උඩ පන්දුවත් සමගයි.

පන්දු 49 කදී ලකුනු 33 ක් ලබා සිටි මායන්ක් අගර්වාල් ඉනිමේ 19 වන පන්දුවාරයෙදී දවාගැනීමට වමත් දඟ පන්දුයවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය සමත් වුනා.

මායන්ක් දැවී ගියේ ඇඹුල්දෙනිය යොමු කල පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

ඔහු දැවී යන විට මුලු ලකුනු පුවරුව දැක්වුනේ ලකුනු 80 ක් ලෙසයි.

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විරාට් කෝලි ලකුණු 45කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...