දෙවැනි ටෙස්ට් ගැටුමෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 198ක ජයක්

Date:

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 198ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගය ජයග්‍රහනය කිරීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 426ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

ඩෙවෝන් කොන්වේ ලකුණු 92ක් ද, ටොම් බ්ලන්ඩල් ලකුණු 44ක් ද ලබා ගනිමින් නවසීලන්තය පරාජයෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, මාර්කෝ ජන්සෙන් හා කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස් කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 364 ක් ලබා ගත් අතර, අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 293ක් පමණයි.

දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...