IPLවලට නොතේරුණු නිසා ශකිබ් ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා තරගාවලිවලට හා කියයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා ඒ බව සදහන් කළා.

මීට පෙර ශකිබ් අල් හසාන් අදාළ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර තිබුණේ.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාස 6ක කාලයක් විවේක ගැනීමට අවශ්‍ය බව දන්වා ශකිබ් අපිට ලිපියක් යොමු කර තිබුණා.” යනුවෙන් නස්මුල් හසාන් කියා සිටියා.

“අපි ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ IPL නිසා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලි ඔහුට අහිමි වන බවයි. ඔබ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ යුතු බවට මම ඊට පිළිතුරු දෙමින් සදහන් කළා, ඔහු ඊට එකඟ වුණා.”

කෙසේ වෙතත්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ශකිබ් අල් හසාන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට මේ වන විට කිසිදු බාධාවක් නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළේ.

මැයි මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ඊට පෙර බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීම සදහායි.(මාර්තු 18 – අප්‍රේල් 12)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...