ශ්‍රී ලංකාව 6 වැනි තැනට ඇද දමමින් ඇෆ්ඝනිස්තානය සුපර් ලීගයේ ඉදිරියට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග අද(28) පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලැබූ කඩුලු 7ක විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.

ඒ අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ පසු වූ ඇෆ්ඝනිස්තානය නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 70ක් හිමි කර ගනිමින්. ඔවුන් තරග 9ක් ක්‍රීඩා කර ඉන් තරග 7ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

තරග 18ක් ක්‍රීඩා කර ඉන් තරග 6ක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු 62ක් ලබා සිටින ශ්‍රී ලංකාව මීට පෙර ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.

චිතගොංහි අද පැවැති තරගයෙන් ඇෆ්ඝනිස්තානය ජය ලැබුවද, එක්දින තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමි වූයේ බංග්ලාදේශයටයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 192ක් ලබා ගත්තා.

ලිටොන් දාස් ලකුණු 86ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 40.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඒ, රහ්මනුල්ලාහ් ගුර්බාස් (106) වාර්තා කළ විශිෂ්ඨ ශතකයෙන් සවිමත් වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...