දකුණු අප්‍රිකාව දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහනය අභියස

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(28) ක්‍රයිස්චර්ච් හී දී නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 426ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 94ක් පමණයි.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 60ක් හා ටොම් බ්ලන්ඩල් නොදැවී එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ටොම් ලේතම් එක් ලකුණකටත්, විල් යන්ග් ලකුණු නොලබාත්, හෙන්රි නිකල්ස් ලකුණු 7කටත්, ඩැරල් මිචෙල් ලකුණු 24කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්. ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියදීයි.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ Kyle Verreynne නොදැවී ලකුණු 136ක් හා කාගිසෝ රබාඩා ලකුණු 47ක් රැස් කළා. රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 45 යි.

පන්දු යැවීමේ දී ටිම් සවුති, මැට් හෙන්රි, ක්යිල් ජමීසන් හා නෙයිල් වෑග්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස් කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 364 ක් ලබා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 293ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා නවසීලන්තය තවත් ලකුණු 332ක් ලබා ගත යුතුයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...