මයාන්ක් අගාර්වල් භානුකගේ නායකයා වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස මයාන්ක් අගාර්වල් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකයා වූ කේ.එල් රාහුල් මෙවර තරග වාරයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග එක්වීම හේතුවෙන්.

මයාන්ක් අගාර්වල් 2018 වසරේ සිට පංජාබ් කණ්ඩායම නියෝජනය කරනවා.

මීට පෙර කණ්ඩායමේ උප නායකයා ලෙස ඔහු කටයුතු කළ අතර, කේ.එල් රාහුල් කණ්ඩායමේ නොමැති විට පංජාබ් කිංග්ස් කණ්ඩායම මෙහෙයවීමට ද අගාර්වල් කටයුතු කළා.

2022 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පංජාබ් කණ්ඩායම රදවා ගැනීමට කටයුතු කළේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.

එනම්, මයාන්ක් අගාර්වල් (ඉන්දීය රුපියල් කෝටි 14කට) හා අර්ශ්දීප් සිං (ඉන්දීය රුපියල් කෝටි 4කට) යන ක්‍රිඩකයින් දෙදෙනායි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...