පළමු ටෙස්ට් තරගයට පාකිස්තානයෙන් වෙනස්කම් දෙකක්

Date:

ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා මැදපෙල පිතිකරු ඉෆ්ටිකාර් අහ්මඩ් හා වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් වසීම් කැදවීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ෆහීම් අෂ්රෆ් හා හසන් අලී ආබාධවලට ලක්වීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉෆ්ටිකාර් හා වසීම් දින 3ක කාලයක් කණ්ඩායම රැදී සිටින හෝටලයේ සිට නිරෝධායනයට ලක් වීමට නියමිතයි.

අනතුරුව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග එක් වීමට ඔවුන්ට හැකි වන්නේ සිදු කරන PCR වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වුවහොත් පමණයි.

මේ අතර, ආබාධවලට ලක් වූ ෆහීම් අෂ්රෆ් හා හසන් අලීට දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

Updated squad:

Babar Azam (C), Mohammad Rizwan (VC), Abdullah Shafique, Azhar Ali, Fawad Alam, Haris Rauf, Iftikhar Ahmed, Imam-ul-Haq, Mohammad Wasim Jnr, Nauman Ali, Sajid Khan, Saud Shakeel, Shaheen Shah Afridi, Shan Masood, and Zahid Mahmood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...