ශකිබ්, රහීම් හා ලිටොන් යළි 20යි 20ට

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති Munim Shahriar හා Yasir Ali සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් දාස් යළි 20යි 20 සංචිතයට කැදවීමට ද තීරණය කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය සදහා ශකිබ් ක්‍රීඩා කළේ නැහැ.

මුෂ්ෆිකර් හා ලිටොන් දාස් එම තරගාවලියෙන් විවේක ගන්වා තිබුණා.

Nazmul Hossain, Nurul Hasan, Aminul Islam, Saif Hasan හා Akbar Ali ඇෆ්ඝනිස්තානයට එරෙහි 20යි 20 සංචිතයට නම් කර නැහැ.

මාර්තු 3 හා 5 යන දිනවලදී ඩකා ක්‍රීඩාංගනයේ දී දෙරට අතර 20යි 20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Squad:

Mahmudullah (C), Liton Kumar Das, Munim Shahriar, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Shak Mahedi Hasan, Yasir Ali Chowdhury, Mustafizur Rahman, Taskin Ahmed, Shoriful Islam, Nasum Ahmed, Shohidul Islam, Md Naim Sheikh.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...