මෙන්ඩිස්ටත් ආබාධයක් ; නුවන්ට තරගාවලියම අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර පිතිකරණ පුහුණුවීම්වල නිරතව සිටියදී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා මේ වන විට ඔහු පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි 20යි 20 තරගයේ දී වම් පාදයේ ආබාධයකට මුහුණ දුන් නුවන් තුෂාරට ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ ඉතිරි තරග දෙකම අහිමි වී තිබෙනවා.

ඔහු ද මේ වන විට පුනරුත්තාපන කටයුතු ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...