නිකල්ස්ගේ ශතකය හා හෙන්රිගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයක් අභියස

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(18) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සත්කාරක කණ්ඩායම වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේ නවසීලන්තයට ඉනිමක ජයක් වාර්තා කිරීම සදහා වැඩි අවස්ථාවක් උදා කරමින්.

ඉනිමක පරාජයෙන් ගැලවීමටනම් දකුණු අප්‍රිකාව තවත් ලකුණු 353ක් ලබා ගත යුතුයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 116ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 482 ක්.

සිය 8 වන ටෙස්ට් ශතකය වාර්තා කළ හෙන්රි නිකල්ස් ලකුණු 105ක් ලබා ගත්තා. ටොම් බ්ලන්ඩල් ලකුණු 96කට දැවී ගියා.

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 95කට සීමා කිරීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කඩුලු 7ක් දවා ගත් මැට් හෙන්රි නොදැවී ලකුණු 58ක් ද ලබා ගනිමින් නවසීලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩුවාන් ඔලිවියර් කඩුලු 3ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා, මාර්කෝ ජන්සෙන් හා ඒඩ්න් මාක්‍රම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...