Watch : මෙන්ඩිස්ගේ ඉනිම අවසන් කළ මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු රැකීම

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(18) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 35ක සබදතාවයක් ගොඩ ගැනීමට ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක සමත් වුණා.

ගුණතිලක ලකුණු 17කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 27කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.(දර්ශන පහතින්)

චරිත් අසලංක ලකුණු 22 ක් ලබා ගත් අතර, නැවතත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ පැතුම් ලකුණු 46ක් රැස් කළා.

ශ්‍රී ලංකා මැද පෙල කඩුලු රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් සාර්ථක ආරම්භය විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා පරිවර්තනය කර ගැනීමට නොහැකි වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14යි.

පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් හා කේන් රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...