ප්‍රබලයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි අවසන් T 20 තරග දෙකෙන් ඉවතට

Date:

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් ශ්‍රී ලංකාවට එරෙහි අවසන් පන්දුවාර 20යි 20 තරග දෙකෙන් විවේක ගන්වා තිබෙනවා.

නායක ආරෝන් ෆින්ච් අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සදහන් කළා.

ඔවුන් තිදෙනා මේ වන විට සංචිතයෙන් ඉවත්ව නිවෙස් කරා ගොස් ඇති බවද ඔහු කියා සිටියා.

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා සූදානම් වීම වෙනුවෙන් එම ක්‍රීඩකයින්ට මෙම විවේකය ලබා දී තිබෙනවා.

ඒ අනුව හෙට(18) පැවැත්වෙන සිව්වැනි 20යි 20 තරගය සදහා ජයි රිචර්ඩ්සන් හා ඇඩම් සම්පා කැදවීමට ද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...