මැට් හෙන්රි දකුණු අප්‍රිකා පළමු ඉනිම වනසයි ; නවසීලන්තය ලකුණු 21ක් ඉදිරියෙන්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(17) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 95ක් පමණයි.

Zubayr Hamza ලකුණු 25ක් ලබා ගත් අතර, Kyle Verreynne ලකුණු 18කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 23කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ඇරඹූ නවසීලන්තය පළමු දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 116ක් ලබා සිටියා.

හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 37ක් ලබා සිටින අතර, ඩෙවෝන් කොන්වේ ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් කඩුලු 2ක් හා මාර්කෝ ජන්සෙන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 21ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...