මැක්ස්වෙල්ට පාකිස්තාන සංචාරය හා IPL තරග කිහිපයක් අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඔහුගේ මංගල උත්සවය මාර්තු මස අගදී යෙදී ඇති බැවින් ඔහුට එලෙස පාකිස්තාන සංචාරය මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරග කිහිපය අහිමි වනු ඇති.

ශ්‍රී ලංකාව සමග කැන්බරාහි පැවැති තෙවැනි 20යි 20 තරගය අතරතුර දී Fox Cricket නාලිකාව වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මේ බව තහවුරු කළා.

මෙවර අයි.පී.එල් තරග වාරයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය ද ඇතැම් විට ග්ලේන් මැක්ස්වෙල්ට හිමි වනු ඇති බවටයි වාර්තා පලව ඇත්තේ.

පාකිස්තාන සංචාරය හේතුවෙන් ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, පැට් කමින්ස්, මර්කස් ස්ටොයිනිස්, ජොෂ් හේසල්වුඩ්, මැතිව් වේඩ් හා ඩැනියල් සෑම්ස් යන ක්‍රීඩකයින්ටද අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමට නියමිතයි.

පාකිස්තානයට එරෙහි අවසන් 20යි 20 තරගය අප්‍රේල් 5 වැනිදාට යෙදී ඇති අතර, මෙවර අයි.පී.එල් තරගාවලිය මාර්තු මස අග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...