IPL වෙන්දේසියේ දී අලෙවි වූ සතුටට පූරාන්ගෙන් රුපියල් 40,000ක පීසා පාටියක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් සිය කණ්ඩායමේ සාමාජිකයින්ට පීසා සංග්‍රහයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට ඉන්දීය තරග සංචාරයක නිරතව සිටින කොදෙව් කණ්ඩායම සදහා ඔහු විසින් එලෙස පීසා ආහාර සංග්‍රහයක් ලබා දී ඇත්තේ මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී තමා අලෙවි වීමේ සතුට පල කිරීම සදහායි.

පීසා 15ක් ඔහු විසින් ඇනවුම් කර තිබූ බවත්, ඒ සදහා ඔහුට ඉන්දීය රුපියල් 15,000ක මුදලක් වැය වී ඇති බවත් සදහන්.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40,000ක් පමණ වනවා.

2021 අයි.පී.එල් තරග වාරයේ දී ඔහු පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ නමුත්, ඔහුට එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට එම තරගවලියේ දි හැකි වූයේ නැහැ.

මේ වන විටත් සැලකිය යුතු දක්ෂතා අතර ඔහු නොසිටිය ද, නිමා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී නිකලස් පූරාන්ව ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට මිලදී ගැනිමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...