මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරන ජොෆ්ර ආචර්ට අම්බානි කෝටි 8ක් වියදම් කළේ ඇයි ?

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ක්‍රීඩකයෙකු බවට ජොෆ්ර ආචර් පත් වුණා.

ඒ, ඔහු මුහුණ දී සිටින වැලමිටක ආබාධය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට ජොෆ්ර ආචර්ට නොහැකි වී ඇති පසුබිමක ඔහු ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වීම හේතුවෙන්.

මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන නමුත්, ඔහුව මිලදී ගැනීමට ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් කිහිපයක් ම උත්සාහ දරනු ලැබුවා.

අවසානයේ පස් වරක් අයි.පී.එල් ශූරතාවය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ජොෆ්ර ආචර් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 8ක් වැය කරමින්.

ඔහුට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට මීට පෙරම නිවේදනය කර තිබූ බැවින් ජොෆ්ර ආචර්ව මිලදී ගන්නා කණ්ඩායමට ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙවර තරග වාරය සදහා ආදේශ කිරීමට ද පසුව අවසර හිමි වන්නේ නැහැ.

එවැනි පසුබිමක පවා මුම්බායි කණ්ඩායම කෝටි 8ක් වැය කරමින් එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නාව මිලදී ගනු ලැබුවේ ඇයි ?

2023 වසරේ සිට අයි.පී.එල් තරගාවලියට ඔහුව යොදා ගැනීමේ අරමුණින් මෙම වසර කැපකිරීමට ලක් කර ජොෆ්ර ආචර්ව මුම්බායි කණ්ඩායම මිලදී ගත්තේ අනාගතයට සිදු කෙරුණු ආයෝජනයක් වශයෙන් බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙවර තරගාවලියට ඔහු ක්‍රීඩා නොකරන්නේනම් ඔහුට කිසිදු මුදලක් ගෙවීමට ද මුම්බායි කණ්ඩායමට සිදුවන්නේ ද නැහැ.

ජොෆ්ර ආචර් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වෙමින් වෙන්දේසිය සදහා ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඉතා ඉහළ ලංසුවක් කණ්ඩායම් විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව මුම්බායි කණ්ඩායම මෙවර වෙන්දේසියේ දී උපක්‍රමශීලීව ජොෆ්ර ආචර්ගේ සැබෑ වටිනාකමට වඩා අඩු මුදලක් වැය කරමින් ඔහු මිලදී ගැනීමට කටයුතු කළා විය හැකියි.

එහිදී ලබන වසර සදහා අඩු මුදලක් යටතේ මෙම සුපිරි වේග පන්දු යවන්නාව කණ්ඩායමේ රදවා ගැනීමට මුම්බායි කණ්ඩායමට හැකි වනු ඇති.

“ඔහු මෙම තරග වාරයට ක්‍රීඩා නොකළත්, ඔහු යෝග්‍ය වූ විට මම විශ්වාස කරනවා ජස්ප්‍රිට් බුම්රා සමග ජොෆ්ර ආචර් භයානක හවුල්කාරීත්වයක් ඇති කරයි කියලා” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාශ් අම්බානි සදහන් කළා.

කෙසේ වෙතත්, මෙහිදී මතුවන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ජොෆ්ර ආචර් මෙවර වෙන්දේසිය සදහා ඉදිරිපත් වූයේ ඇයි ද යන්නයි.

ඔහු ලබන වසරේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වූයේනම් ඉහළ මිලක් යටතේ ඔහුව මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කිරීමට ඉඩ තිබුණා.

සැබවින්ම එම පැනයට පිළිතුරු සැපයීමට හැකි වන්නේ ජොෆ්ර ආචර්ට පමණයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ඉන්දියාවේ ඉෂාන් කිෂන් ඉන්දීය රුපියල් කෝටි 15.25 ක මිලකට මිලදී ගත්තේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...