පැතුම්ට අයි.සී.සීයෙන් අනතුරු ඇගවීමක්

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 තරගයේ දී අයි.සී.සී විනය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද පැනවීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවකට පහරක් එල්ල කිරීමට අසමත් වූ අවස්ථාවක නුසුදුසු භාෂාව යොදා ගනිමින් ඊට ප්‍රතික්‍රියා දැක් වූ බවටයි පැතුම්ට චෝදනා එල්ල වුණේ.

එහිදී ඔහු අයි.සී.සී නීති සංග්‍රහයේ 2.3 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර, එම වරද පැතුම් නිස්සංක විසින් පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමට මෙම තරගයේ දී ශ්‍රී ලංකාව අසමත් වූ බැවින් ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...