අෆ්රිඩි PSL පිටියට ආයුබෝවන් කියයි

Date:

පාකිස්තාන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ආබාධයක් හේතුවෙන් ඔහු මෙවර තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර තරග වාරයේ දී 41 හැවිරිදි ඔහු ක්වෙට්ටා ග්ලැඩියේර්ස් කණ්ඩායම නියෝජනය කළා.

පසුගිය 12 වනදා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගය ඔහු පාකිස්තාන සුපර් ලීග් පිටියේ දී ක්‍රීඩා කළ අවසන් තරගය වනු ඇති.

එම තරගයේ දී අෆ්රිඩි ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

පුහුණුවීම් අතරතුර දී පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙනුත්, අනතුරුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනුත්, අෆ්රිඩිට මෙවර තරග වාරයේ පළමු තරග කිහිපයද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...