භානුක රාජපක්ෂ ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තවත් සුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය ඉවත් කරමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට ඔහු තීරණය කළ ද, මේ වන විට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා.

ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය තේරීමේ කටයුතුවලට පෙර ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා පෙනී නොසිටි බැවින් එම තරග සංචාරය ඔහුට අහිමි වූ බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කළ නව ශාරීරික යෝග්‍යතා මට්ටමට ළගා වීම සදහා ඔහු යම් කාලයක් ක්‍රිකට් බළධාරීන්ගෙන් ඉල්ලා තිබූ බව ද සදහන්.

මේ වන විට ඔහු යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී ඇති බැවින් එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව (තේරීම් කමිටුව විසින් තෝරා ගතහොත්) භානුක රාජපක්ෂට හිමිව තිබෙනවා.

ඊයේ දිනයේ දී භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ද මිලදී ගනු ලැබුවා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...