බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය ස්ථීර වෙයි – ශකීබ්ටත් වසරකට පසු කැදවීමක්

Date:

සාකච්ඡා මට්ටමින් පැවති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඔක්තෝබර් 24 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට මෙම තරග සංචාරයට ඇතුළත්ව ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණයි.

20යි 20 තරග 3ක් ද තරග සංචාරයට ඇතුළත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇතත් එක් ටෙස්ට් තරගයක් ඉවත් කර එය පැවැත්විය හැකි බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ.

ඒ පිළිබඳව අවසන් තීරණය දෙරට අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී ගනු ඇති.

බංග්ලාදේශය තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 6කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔක්තෝබර් 24 වනදා ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ වීමට දින නියම වී තිබුනද බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස 23 වනදා හෝ 24 වනදා මෙරටට පැමිණිමට නියමිතයි.

එහිදී ඔවුන් දින 14 ක නිනිරෝධායන කාල සීමාවකට ද යටත්වනු ඇති.

වර්තමානයේ ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසාන් ද බංග්ලාදේශ සංචිතය සමග දිවයිනට පැමිණීමට ඉඩ ඇති බව සදහන්.

නමුත් ඔහුට ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඔහුට පනවා තිබෙන තරග තහනම අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 29 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...