බ්‍රෝඩ්ට ICC යෙන් දඩ සමග දඩුවම් ලකුණක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට තීරණය කර ඇති බව සදහන්.

ඊට අමතරව බ්‍රෝඩ්ගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන දෙවන ඉනිමේ දී යසීර් ෂාහ්ගේ කඩුල්ල දවා ගැනිමෙන් පසුව එය සැමරීමේ දී නුසුදුසු වචන භාවිත කළ බවටයි ස්ටුවට් බ්‍රෝඩ්ට චෝදනා එල්ල වුණේ.

ස්ටුවට් බ්‍රෝඩ් තම වරද පිළිගෙන ඇති බවත්, පනවා ඇති දඩුවමට එකග වී ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...