ළහිරු ශතකයක් ලබද්දී තරංගගෙන් වර්ණවත් ඉනිමක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය ඊයේ (10) ආරම්භ වුණා.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා එන්.සී.සී. කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දී ශතක වාර්තා කිරිමට 26 හැවිරිදී ළහිරු උදාර හා උපුල් තරංග අද සමත්වුණා.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේ ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් එන්.සී.සී කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 269 ක් පමණයි.

ජනිත් සිල්වා ලකුණු 54 ක් ලබාගත් අතර නායක අසේල ගුණරත්න ලකුණු 50 ක් රැස් කළා.

දිනේශ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 19 ක් පමණයි. හිමාෂ ලියනගේ ලකුණු 46 යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඩිලේෂ් ගුණරත්න කඩුලු 5 ක් බිඳ හෙලුවා.

එන්.සී.සී කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිම ආරම්භ කළ හසිත බොයගොඩ සහ ළහිරු උදාර ලකුණු 34 ක සබදතාවයක් ගොඩ නැගූ අතර, හසිත බෝයගොඩ ලකුණු 15කට දැවී ගියා.

අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ ළහිරු උදාර හා උපුල් තරංග ලකුණු 144 ක අනර්ඝ සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා.

ළහිරු උදාර පන්දු 145 කදී ලකුණු 105 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහරවල් 12 ක් ඇතුළත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 166 කදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 121 ක්.

එම ඉනිම හතරේ පහරවල් 19 කින් වර්ණවත් වුණා.

නායක ඇන්ජලෝ පෙරේරා රැස්කර ගත්තේ ලකුණු 29 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 11කට දැවී ගියා.

තරගයේ දෙවන දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එන්.සී.සී කණ්ඩායම කඩුලු 6 දැවී ලකුණු 323 ක් රැස් කර ගෙන සිටියා.

පන්දු යැවීමේ දී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සීකුගේ ප්‍රසන්න කඩුලු 3 ක් බිඳ හෙලුවා.

ඒ අනුව මේ වන විට එන්.සී.සී කණ්ඩායම ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 54ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...