2021 T20 ලෝක කුසලානයේ සත්කාරකත්වයට ශ්‍රී ලංකාවත් යෝජනා වෙයි

Date:

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද ඒ සදහා නම් කර ඇති බව සදහන්.

කොරෝනා වසංගත තත්ත්වය ද පදනම් කර ගෙනයි එම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය සතියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ 2021 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් දැමුණු බවයි අයි.සී.සීය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...