ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට එක්වෙයි ; චාමිකත් දිවයිනෙන් පිටත්ව යයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අද(8) පෙරවරුවේ ඔස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සමග එක්වීමේ අරමුණින්.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ඔහුට පසුගිය 3 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට හැකි වූයේ නැහැ.

නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට හා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට ද කොවිඩ් 19 ආසාදනය වී තිබූ නමුත්, ඔවුන් දෙදෙනා ද සුවය ලැබීමෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ දී එක්ව සිටිනවා.

කෙසේ වෙතත්, මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහුව සදුදා දිනයේ සිට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබූ අතර, අනතුරුව සිදු කළ PCR පරීක්ෂණවලින් ද ඒ බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ දී සංචිත අභ්‍යන්තර පුහුණු තරගයකට ද එක් වුණා.

එහි දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...