එංගලන්ත ප්‍රධාන පුහුණුකරුත් ධූරයෙන් නෙරපයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අදාළ ධූරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

මීට පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස 2019 වසරේ දී පත් කරනු ලැබුවේ ද ඈෂ්ලි ගිල්ස් විසින්.

මේ වන විට වැඩබලන කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස ඇන්ඩෲ ස්ට්‍රාව්ස් කටයුතු කරන අතර, ඔහු විසින් වැඩබලන පුහුණුකරුවෙකු ඉදිරියේ දී පත් කරනු ඇති.

ඒ, මාර්තු මාසයට යෙදී ඇති බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...