මොහොමඩ් හස්නයින්ට පන්දු යැවීමේ තහනමක් පනවයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව තහවුරු වී තිබෙනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර දී සිදු කෙරුණු පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

මොහොමඩ් හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නියමිත අංශක 15 සීමාව ඉක්මවා යන බව එම පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි අයි.සී.සීය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනවල සදහන්.

ඒ අනුව ජාත්‍යන්තර තරග පිටියේ දී ඔහුට පන්දු යැවීමේ තහනමක් මේ වන විට පනවා ඇති අතර, ඔහුට සිය ඉරියව්ව නිවැරැදි කර ගන්නා තුරු ජාත්‍යන්තර තරග පිටියේ දී පන්දු යැවීම සදහා අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

මේ වන විට පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ද ඔහුට පන්දු යැවීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට පසුගිය මාසයේ දී චෝදනා එල්ල වුණේ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර දී යි.

ඒ අනුව බ්‍රිස්බේන් නුවර දී ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට මුහුණ දීමට නියමිතව තිබුණත්, මොහොමඩ් හස්නයින් ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යාමට කටයුතු කළ බැවින් එම පරීක්ෂණය ලාහෝර්හී දී සිදු කිරීමට පසුව එකගතාවයකට එළඹ තිබුණා.

අනතුරුව සිදු කෙරුණු පරීක්ෂණවල ප්‍රතිපල ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබුණේ ස්වාධීන සමාලෝචනයක් හා තහවුරු කර ගැනීමක් වෙනුවෙන්.

21 හැවිරිදි හස්නයින් මේ වන විට පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 26කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 29ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...