සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් පසුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.

මේ වන විට 34 වන වියේ පසුවන ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 86ක් හා 20යි 20 තරග 11ක් ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් එහිදී පිළිවෙලින් කඩුලු 168 ක්, 109 ක් හා 8 ක් බිද හෙලීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත් අතර, මේ වන විට නිකුත් කර ඇති තරග කාලසටහනට අනුව පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 25 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...